JAN
07
දර ලිපටම වැටුණු තරු පහේ හෝටල්

ගෑස් හිඟය හේතුවෙන් කොළඹ සමහර තරුපහේ හෝටල් ඇතුළු ප්‍රධානපෙළේ සුඛෝපභෝගී හෝටල් රැසක් දර ලිප් භාවිත කිරීමට යොමුවී ඇතැයි එම හෝටල් ආරංචි මාර්ග පවසයි.
එම ප්‍රධාන පෙළේ හෝටල්වල පාවිච්චියට ගෑස් සිලින්ඩර යම් ප්‍රමාණයක් ලැබී තිබුණත් ඒවා යම් මට්ටමකට කළමනාකරණය කරගැනීම සඳහා මෙසේ අමතරව දර ලිප් පාවිච්චි කිරීමට සිදුවී ඇති බව හෝටල් සේවකයෝ පෙන්වා දෙති.
මේ අතර ගෑස් සැපයීමේදී රෝහල්, හෝටල් සහ ආපනශාලා සඳහා ප්‍රමුඛත්වය ලබා දෙන්නැයි රජය ගෑස් සමාගම්වලට උපදෙස්දී තිබේ.
806 Views
Comments