DEC
31
කුමාරි ඇල්ලේ දිය නෑමට ගිය තිදෙනෙක් ගසාගෙන යති

යාපනයේ සිට පැමිණ තුම්මෝදර කුමාරි ඇල්ලේ දිය නෑමට ගිය අක්කා නගෝ සහ ඥාති සොයුරියක් සැඩ ජල පහරට හසුව ගසාගෙන ගොස් ඇතැයි පොලිසිය පවසයි.
මෙම පිරිස වත්තල ප්‍රදේශයේ ඥාති නිවසකට පැමිණ පසුව කුමාරි ඇල්ලේ දිය නෑමට ගොස් තිබේ.
කුමාරි ඇල්ලේ ඉහළ ප්‍රදේශයට හිටි හැටියේ ධාරානිපාත වර්ෂාවක් ඇද හැලී තිබෙන අතර එකවර ජලපහර වැඩිවීමත් සමඟ දියනාමින් සිටි පිරිසෙන් තිදෙනකු ජල පහරට හසුව ගසාගෙන ගොස් අතුරුදන් වී ඇත.
එම පිරිස සමඟ තවත් සිව්දෙනකු දිය නෑමට පැමිණ තිබෙන අතර අතුරුදහන් වූවන් අතර වයස අවුරුදු 14,15 සහ 29 යන වයසේ පසුවන බව පොලිසිය පවසයි.
692 Views
Comments