අද කාලගුණය - බොහෝ ප්‍රදේශවලට වැසි රහිත කාලගුණයක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතී.
හිමිදිරි උදෑසන නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහින ඇතිවීමේ හැකියාවක් පවතී.
ඉදිරි දින කිහිපයේ දිවයිනේ, බොහෝ ප්‍රදේශවල රාත්‍රී සහ අලුයම කාලවලදී තරමක ශීත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කෙරේ.
බස්නාහිර, සබරගමුව,මධ්‍යම, උතුරු-මැද සහඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැක.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතී.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හමයි. සුළගේ වේගය පැ.කි.මී. (20-30) පමණ වේ.
මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 45 පමණ දක්වා වැඩි විය හැක.
මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු වේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවිටින් විට මද වශයෙන් රළු විය හැක.
779 Views
Comments