ප්‍රේමයට අකමැති වූ නෑනා මස්සිනා අතින් අවසන් ගමන් යයි

පෙම් සබඳතාවයක් පවත්වාගෙන යෑමට අකමැති වීම හේතුවෙන් කෝපයට පත් තරුණයෙකු නෙදුන්කර්නි සේනපිලව් ප්‍රදේශයේදී පසුගිය 15 වනදා පෙරවරුවේ තම නෑනාට වෙඩි තබා ඝාතනය කර පළාගොස් තිබේ.
පෙරේදා(15) පෙරවරු 11.30ට පමණ මෙම තරුණිය තම යතුරුපැදියේ නැගී නෙදුන්කර්නි ඊට්ටමුරින්ජාන් මාර්ගයේ යමින් සිටියදී කැලෑවක සැඟවී සිටි ඇගේ මස්සිනා මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර තිබේ.
වෙඩි ප්‍රහාරයට ලක්වූ තරුණිය එම ස්ථානයේදීම ජීවිතක්‍ෂයට පත්වූ අතර ඇගේ සිරුර වවුනියාව රෝහලේ මෘත ශරීරාගාරය වෙත රැගෙන ගොස් ඇත.
ඝාතනයට ලක්වූ 33 හැවිරිදි තරුණිය ඊට්ටමුරින්ජාන් ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර සැකකාර මස්සිනා ඇය සමඟ ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන යෑමට කාලයක සිට උත්සාහයක නිරතවී ඇත.
ඇය ඊට කැමැත්ත පළ නොකිරීම හේතුවෙන් කෝපයට පත්වී මෙම ඝාතනය සිදුකර ඇති බව විමර්ශනවලින් අනාවරණය වී තිබේ.
සැකකරු අත්අඩංගුවට ගැනීමට නෙදුන්කර්නි පොලිසිය විමර්ශන පවත්වාගෙන යන අතර සැකකරු මීට පෙරද මිනිස් ඝාතනයක් සිදුකර බන්ධනාගාර ගතව සිටි පුද්ගලයෙකු බව පොලිසිය පවසයි.
803 Views
Comments