DEC
10
බොර තෙල් ගේන්න ඩොලර් නැ - ගම්මන්පිල

රජයට බොරතෙල් ආනයනය කිරීම සඳහා අවශ්‍ය ඩොලර් සංචිත නොමැතිවීම මේ වන විට බරපතළ ගැටලුවක් බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය.
දින 26ක් තිස්සේ වසා දමා තිබූ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ පිරිපහදු කටයුතු නැවත ආරම්භ කිරීමේ අවස්ථාවේදී මාධ්‍යවේදින් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු සපයමින් අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කලා.
ඩොලර් ගැටළුවට විසඳුමක් ලෙස රුපියල්වලින් ගෙවීම් කටයුතු සිදුකර බොරතෙල් ආනයනය කිරීමේ ක්‍රියා මාර්ගයක් කෙරෙහි යොමු වීමට ඇති හැකියාව සොයා බලමින් සිටින බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
757 Views
Comments