DEC
10
ශ්‍රී ලාංකිකයන්ට ජපන් රැකියා දොර ඇරේ

ශ්‍රී ලංකාවෙන් පුහුණු ශ්‍රමිකයන් ගෙන්වා ගැනීමට ජපාන රජය උනන්දු වන බව ශ්‍රී ලංකාවේ නව ජපාන තානාපති මිසිකොෂි හෙදකි මහතා පවසයි.
ඒ මහතා නව ජපාන තානාපති ලෙස පසුගියදා වැඩභාර ගත් අතර ඊයේ (09) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවූ අවස්ථාවේදී මේ බව පවසා ඇත.
අරලියගහ මන්දිරයේදී එම හමුව සිදුවී ඇත.
පසුගිය වසර කිහිපය තුළ අඩු නිපුණතා සහ නිශ්චිත පුහුණු ශ්‍රමිකයින් බඳවා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ජපානය අතර අවබෝධතා ගිවිසුම් දෙකකට එළැඹ ඇත.
757 Views
Comments