පොරොන්දු වුණා වගේ වැඩේ කරා – රෙහාන් ජයවික්‍රම
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
17

පොරොන්දු වුණා වගේ වැඩේ කරා – රෙහාන් ජයවික්‍රම

පොරොන්දු වුණා වගේ වැඩේ කරා – රෙහාන් ජයවික්‍රම

සමගි ජන බලවේගය විසින් නොවැම්බර් 16 වෙනිදා සංවිධානය කර තිබූ සාපලත් ආණ්ඩුවට එරෙහි සාමකාමී උද්ඝෝෂණයට පැමීණිම වළක්වමින් අධිවේගී මාර්ගය භාවිතා කිරීමටත් කොළඹ නගරයට ලගා වීමටත් ඉඩ ලබා නොදුන් මර්දනකාරී දූෂිත ආණ්ඩුවට හා එම අහේතුක නීති ක්‍රියාත්මක කළ පොලිස් නිළධාරින්ට 16 දා අභියෝග කළ පරිදි දෙසැම්බර් 10 දින ජනාධිපති නීතිඥ ෆර්මාන් ඛාසිම් හා ජනාධිපති නීතිඥ තිසත් විජේගුණවර්ධන යන නීතිඥ කණ්ඩායම සමග ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කරන ලදි.

 

 

එහිදී ⁣පොලීසිය භාර අමාත්‍ය සරත් වීරසේකර ,පොලිස්පති ,සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු සියළුම අයට විරුද්ධව එම මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කර බවත්
එම නඩුව ගොනු කරන ලද්දේ විපක්ෂයේ සිවිල් ක්‍රියාකාරීන් ඇතුළු සියළුම බලවේග වලට බව වැලිගම හිටපු නගරාධිපති රෙහාන් ජයවික්‍රම මහතා පැවසීය .

views

573 Views

Comments

arrow-up