සෑම පැයකම මෙරටින් ළමා අපචාරයක්
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
17

සෑම පැයකම මෙරටින් ළමා අපචාරයක්

සෑම පැයකම මෙරටින් ළමා අපචාරයක්

ගතවන සෑම පැයකදීම මෙරටින් ළමා අපචාර සිද්ධීන් එකක් හෝ ඊට වැඩියෙන් වාර්තා වන බව ජනමාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

 

දිනකට ළමා අපචාර සිද්ධීන් 32ක් මෙරටින් වාර්තා වන බව කී ඇමතිවරයා මෙම වසරේ ගතවූ දින 333 ක කාලයේදී ළමා අපචාර සම්බන්ධ පැමිණිලි 10,713 ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත ලැබී ඇතැයි සඳහන් කළා.

 

ළමා අපචාර සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලිවලට සාපේක්ෂව වාර්තා නොවන සිදුවීම් ප්‍රමාණය ඉතා ඉහළ අගයක් ගන්නා බවද ඇමතිවරයා පැවැසීය.

 

ඊයේ පැවති උත්සවයකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

views

621 Views

Comments

arrow-up