DEC
17
යුගදනව් කැරැල්ල ඇරඹෙයි

යුගදනවි බලාගාරය හිමි සමාගමේ රජය සතු කොටස්වලින් සියයට 40 ක් අමෙරිකානු සමාගමක් වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් විභාගය ඊයේ (16) සිදුකළේය.
එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේ පෙත්සම් පිළිබඳ වැඩිදුර විභාගය අද (17) පෙරවරුව දක්වා කල්තැබීමටය.
මෙම පෙත්සම් අද අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ සහ එල්.ටී.බී දෙහිදෙණිය යන පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාගයට ගැනුණි.
735 Views
Comments