කිලෝ 200ක ගුවන් බෝම්බ දෙකක් යකඩ කඩේට විකුණන්න යද්දි මාට්ටු
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
07

කිලෝ 200ක ගුවන් බෝම්බ දෙකක් යකඩ කඩේට විකුණන්න යද්දි මාට්ටු

කිලෝ 200ක ගුවන් බෝම්බ දෙකක් යකඩ කඩේට විකුණන්න යද්දි මාට්ටු

කිලෝ ග්‍රෑම් 200 බැගින් වූ ගුවන් බෝම්බ දෙකක් යකඩ සඳහා අලෙවිකිරීමට ගිය පුද්ගලයින් හයදෙනකු මුලතිව් පුදුකුඩිඉරිප්පු පොලිසිය විසින් පසුගිය 05 වනදා අත්අඩංගුවට ගෙන ඇත.

 

මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසලවූ ඉඩමක් එහි අයිතිකරුට වසර ගණනාවකට පසු පදිංචිය සඳහා ලබාදී තිබෙන අතර යුද සමයේදී එම ස්ථානයේ විශාල හමුදා කඳවුරක් ස්ථානගතකොට තිබී ඇත.

 

ඉඩම් හිමියා වත්ත සුද්ද පවිත්‍ර කරමින් සිටින අවස්ථාවේ මෙම ගුවන් බෝම්බ දෙක හමුවී ඇති අතර ඔහු ඒ පිළිබඳව සිය මිතුරන්ට පවසා කිලෝ ග්‍රෑම් 400ක ගුවන් බෝම්බ දෙක යකඩ පිණිස අලෙවි කිරීමට රැගෙන ගොස් තිබේ.

 

මේ පිළිබඳව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු පොලිසියට සිදුකල පැමිණිල්ලකින් අනතුරුව පොලිසිය ගොස් එම ගුවන් බෝම්බ දෙක අලෙවි කිරීමට පෙර සැකකරුවන් හයදෙනාද සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

 

එම ගුවන් බෝම්බ ගුවන් හමුදාවේ කෆීර් යානා මගින් හෙලනු ලබන බෝම්බ වන බවත් කිසියම් හේතුවක් මත එම බෝම්බ දෙක පිපිරී ගොස් නොමැති බවත් පවසන මුලතිව් පුදුකුඩිඉරිප්පු පොලිසිය සැකකරුවන් හයදෙනා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.

views

1198 Views

Comments

arrow-up