මිතුරාගේ ගිණුමෙන් මුදල් ඇද්ද කොස්තාපල් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
13

මිතුරාගේ ගිණුමෙන් මුදල් ඇද්ද කොස්තාපල් අත්අඩංගුවට

මිතුරාගේ ගිණුමෙන් මුදල් ඇද්ද කොස්තාපල් අත්අඩංගුවට

තම මිතුරෙකුගේ බැංකු ගිණුමෙන් රු. 80,000ක මුදලක් වංචනීකව ලබාගත් පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයේ කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

ඒ පසුගිය අප්‍රේල් 21 වන දා තම ගිනුමෙන් රුපියල් 80,000ක මුදලක් සොරකම් කර ඇති බවට යක්කලමුල්ල පොලිස් ස්ථානයේ රාජකාරි කරන කොස්තාපල්වරයෙකු සිදුකළ පැමිණිල්ලකට අනුවයි.

 

සොරකම සිදු වනකාල සීමාවේදී පැමිණිලිකරු සහ සැකකරු එකම පොලිස් ස්ථානයේ මිතුරන් ලෙස කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

 

ප්‍රදේශයේ ඒටීඑම් යන්ත්‍රයකින් සැකකරු මුදල් ලබාගන්නා ආකාරය දැක්වෙන ආරක්ෂිත කැමරා දර්ශන මගින් ඔහුව හඳුනාගෙන තිබෙනවා.

views

828 Views

Comments

arrow-up