කොවිඩ් ආසාදිත ගැබිනි මව්වරු සංඛ්‍යාව ඉහළට
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
20

කොවිඩ් ආසාදිත ගැබිනි මව්වරු සංඛ්‍යාව ඉහළට

කොවිඩ් ආසාදිත ගැබිනි මව්වරු සංඛ්‍යාව ඉහළට

කොවිඩ් 19 ආසාදිත ගැබිනි මවුවරුන් ප්‍රමාණයේ ඉහළ යාමක් යළි දක්නට ලැබෙන බව ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති, නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය, මහාචාර්ය සනත් ලැනරෝල් මහතා සඳහන් කළේය.

 

පසුගිය කාලයේදී කොවිඩ් ආසාදිත ගැබිනි මවුවරුන්ගේ අඩුවක් දක්නට ලැබුණු අතර එම කාලයේදී සතියකට වාර්තා වූයේ එක් අයෙකු හෝ දෙදෙනෙකු වැනි සංඛ්‍යාවක් බව වෛද්‍යවරයා පැවසීය.

 

නමුත් මේවන විට එම සංඛ්‍යාව සතියකට 05ක්, 06ක් දක්වා ඉහළ ගොස් ඇති බව හෙතෙම කියා සිටියේය.

 

පසුගිය කාලයේදී ජනතාව සෞඛ්‍ය නිර්දේශ නොතකමින් කොවිඩ් තත්වය අමතකකර කටයුතු කිරීම හේතුවෙන් මේ වන විට කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යමින් පවතින බවද වෛද්‍ය සනත් ලැනරෝල් මහතා කියා සිටියේය.

views

701 Views

Comments

arrow-up