කාමරයක් තුල නීතිවිරෝධී වැඩක් කරමින් සිටි කත බඩුත් සමඟ මාට්ටු

හෙරොයින් මත්කුඩු පැකට් කරමින් සිටි කාන්තාවක් පමුණුගම, තිස්ස මාවතේ නිවසකදී රුපියල් ලක්ෂ දෙකකට වැඩි වටිනාකමකින් යුත් මත්කුඩු සමඟ අලුබෝමුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකාරිය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඇය සන්තකයේ තිබී මත්කුඩු ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 200ක්, මත්කුඩු පැකට් පහළොවක්, වීදුරු කැබැල්ලක්, පැකට් කිරීමට ගන්නා කුඩා කොළ කැබලි තොගයක් බ්ලේඩ් ආදිය පොලිස් භාරයට ගත් බව පොලිසිය පවසයි.
එම කාන්තාව මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන ”පමුණුගම කුකුල් අන්ඩාගේ” බිරිඳ බව පොලිසිය කියයි.
වැටලීම සිදුකරන අවස්ථාවේදී කාන්තාව කාමරයක් තුළ මත්කුඩු පැකට් කරමින් සිටි බවත් පොලිස් නිලධාරීන් දැකීමත් සමගම ඇය එම මත්කුඩු ශරීරය තුළ සඟවා ගැනීමට දැඩි උත්සාහයක් දැරූ බවත් වැටලීම සඳහා ගිය පොලිස් නිලධාරිනියක් පැවසුවාය.
මත්කුඩු ජාවාරමේ නිරතවීම හේතුවෙන් දීර්ඝ කාලයක් සිර දඬුවම් විඳ මෑතකදී ඇපමත පැමිණ තිබූ සැකකාරියගේ සැමියා වන කුකුල් අන්ඩා නමැත්තා සැකකාරියට මෙම මත්කුඩු ලබාදී පැකට් කරන ලෙස පවසා තිබු බව පොලිසිය කියයි.
වයස අවුරුදු 41ක් වන සැකකාරිය පානදුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
2255 Views
Comments