රාජිතට එරෙහි සුදු වෑන් නඩුව විභාගයට දින නියම කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
20

රාජිතට එරෙහි සුදු වෑන් නඩුව විභාගයට දින නියම කෙරේ

රාජිතට එරෙහි සුදු වෑන් නඩුව විභාගයට දින නියම කෙරේ

පසුගිය ජනාධිපතිවරණය සමයේ ආන්දෝලනාත්මක සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව පවත්වා එවකට ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට අගතියක් සිදුකළ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි යන අයට එරෙහිව ගොනුකර ඇති නඩුව එළැඹෙන මාර්තු මස 15 වනදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

 

 අද(20) එම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

 

එහිදී විත්තිකාර රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවේ පරිගණක උත්පාදිත සාක්ෂි පරික්ෂා කිරීමට විත්තියට තවමත් හැකියාව නොලැබුණු බව පැවසූ අතර මේ පිළිබඳව නඩු විභාගයේදී විරෝධතා මතු කිරීමට අපේක්ෂා කරන බවද දන්වා සිටියේය.

 

ඒ අනුව මහාධිකරණ විනිසුරුවරයා දැනුම් දුන්නේ මෙම නඩුවේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සලකා බැලීම සඳහා එය පෙබරවාරි මස 18 වැනිදා කැඳවන බවය.

 

ඉන් පසුව නඩු විභාගය මාර්තු මස 15 වනදා ආරම්භ කරන බව විනිසුරුවරයා නියෝග කර සිටියේය.

views

693 Views

Comments

arrow-up