“ජනතාව උනන්දුයි, පෙරේදා බූස්ටර් එන්නත ලක්ෂයක් අරන්” - විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්

පෙරේදා(02) දිනයේ කොවිඩ් තෙවැනි මාත්‍රාව හෙවත් බූස්ටර් එන්නත ලක්ෂයට ආසන්න පිරිසක් ලබාගෙන ඇති බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍යය හේමන්ත හේරත් මහතා පැවසීය.
පසුගිය කාලයට වඩා මේවන විට බූස්ටර් එන්නත ලබා ගැනීම සඳහා ජනතාව දැඩි උනන්දුවක් දක්වන බවද හෙතෙම පැවසීය.
රටේ සියලූ දෙනා නිසියාකාරව එන්නත් මාත්‍රා තුනම ලබාගෙන සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් මුළු රටම ආරක්ෂා කර ගත යුතුව ඇති අතර කොවිඩ් රැල්ල වැඩිවීම පාලනය කරගත හැකි බවද ඒ මහතා සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා මෙසේද පැවසීය.
“පෙරේදා බූස්ටර් එන්නත 91,619ක් ලක්ෂයකට ආසන්න පිරිසක් අරගෙන තියෙනවා.
මේ විදියට දවසකට ලක්ෂයක් වැනි පිරිසකට එන්නත ගියොත් දවස් 10 - 15 ත් ඇතුළත එන්නත ලබා නොගත් සියලූ දෙනාටත් මේ එන්නත ලබා දෙන්න පුළුවන්.
එන්නත ගත්තත් සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසියාකාරව අනුගමනය කිරීම ඉතා වැදගත්.”
757 Views
Comments