ඇමැති බන්දුල ගුණවර්ධනට කාන්තාවක් බැන්නාට ආරක්ෂක නිලධාරියාගේ වැඩ තහනම්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
03

ඇමැති බන්දුල ගුණවර්ධනට කාන්තාවක් බැන්නාට ආරක්ෂක නිලධාරියාගේ වැඩ තහනම්

ඇමැති බන්දුල ගුණවර්ධනට කාන්තාවක් බැන්නාට ආරක්ෂක නිලධාරියාගේ වැඩ තහනම්

වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට කතරගම සතොස වෙළද සංකීර්ණයේදී කාන්තාවක් විසින් බැන වැදිම සම්බන්දයෙන් කතරගම සතොසේ සේවය කල ආරක්ෂක නිළධාරියාගේ වැඩ තහනම් කර ඇත.

 

පසුගිය 30 වැනි දින අමාතයවරයා කතරගම සංචාරය කල අවස්ථාවේදී කතරගම සතොස වෙත පැමිණි අතර එහිදී භාණ්ඩ මිලදි ගැනීමට පැමිණි කාන්තාවක් විසින් අමාත්‍යවරයාට දෙස් නගා පැවසුවේ මිනිස්සුන්ට ගන්න හාල් වත් නැහැ මාධ්‍ය වෙත පවසන කිසිවක් සතොස මගින් මිලදී ගැනීමට නොමැති බවයි.

 

මෙම අවස්ථාවේ දී අමාත්‍යවරයාගේ ආරක්ෂක නිළධාරින්ද සිටි අතර මෙම සිදුවීම වුයේ සතොස ඉදිරිපිට බව සේවයෙන් ඉවත් කල කතරගම පදිංචි ඒච්. එම් කසුන් ආරක්ෂක නිළධාරියා කියා සිටියේය.

 

මෙම සිදුවීමෙන් අනතුරුව තමන්ගේ වසර ගණනාවක් පුරා සේවය කල බවට සතොස පරිපාලන අංශයෙන් අදාළ ලිපිය එවා ඇති බව කතරගම සතොස ආරක්ෂක නිළධාරියා පැවසිය.

views

719 Views

Comments

arrow-up