කුඩු ජාවාරමාගේ නිවසින් මතුවූ කෝටි 20ක සැප වාහන (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
30

කුඩු ජාවාරමාගේ නිවසින් මතුවූ කෝටි 20ක සැප වාහන (PHOTOS)

කුඩු ජාවාරමාගේ නිවසින් මතුවූ කෝටි 20ක සැප වාහන (PHOTOS)

හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොග ලෙස ශ්‍රී ලංකාවට එවා ඒවා අලෙවි කිරීමෙන් ඉපැයූ බව කියන කෝටි ගණන් මුදලින් කොටසක් වැයකර මිළට ගත් බවට කරුණු අනාවරණය වී ඇති කෝටි 20ක් පමණ වටිනා අධි සුඛෝපභෝගි වාහන 06ක් සමඟ මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන දෙමටගොඩ රුවන් නැමැත්තා රහස් පොලිසය විසින් ඊයේ(29) දෙමගොඩ වේළුවන පාරේ පිහිටි ඔහුගේ නිවෙස්දී සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

 

බී.එම්.ඩබ්ලිව් වර්ගයේ මෝටර් රථ දෙකක්, ප්‍රාඩෝ ජිප් රථයක්, ලෑන්ඩ් රෝවර් ජිප් රථයක්, හොණ්ඩා වෙසල් ජිප් රථයක්, රේන්ජ් රෝවර් ජිප් රථයක් දෙමටගොඩ රුවන් නැමැත්තාගේ නිවසේ ගාල් කර තිබියදී සොයාගැණුනු බව රහස් පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.

 

මෙලෙස සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙමටගොඩ වේළුවන පාරේ පදිංචි සිරිනායක පතිරණලාගේ රුවන් චමිල ප්‍රසන්න හෙවත් දෙමටගොඩ රුවන් නැමැත්තාය.

 

මෙම පුද්ගලයා 2016 වසරේ සිය වරින් වර හොරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ටොන් එකක පමණ තොගයක් විදේශයන් හි සිට මෙරටට ගෙන්වා ඇතැයි පරීක්ෂණ වලදී අනාවරණයවී ඇතැයිද එම රහස් පොලිස් නිලධාරියා කීවේය.

 

 

 

 

views

924 Views

Comments

arrow-up