පුතාගේ 13 හැවිරිදි මිතුරා රවටා පියා නිවසේ නොමැති අවස්ථාවේදී කැත වැඩක් කල මව අත්අඩංගුවට

තම පුතාගේ දහතුන් හැවිරිදි මිතුරා තම නිවසින් සොරකම් කරගෙන එන ලද රුපියල් දහසය ලක්ෂ හතළිස් දහසක් වටිනා රන් ආභරණ උකස් තබා මුදල් වංචා කල කාන්තාවක් ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටත්, දරුවාව රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදාහැර මව්පියන්ට බාර දීමටත්, ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
සැකකාර දරුවා අක්මීමණ බටදූව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 13යි මාස 8 වයස සිසුවකු බවත්, ඔහු වඩුවැඩ කිරීමට සහ වෙල්ඩින් වැඩ කිරීමට ආසාවක් තිබු අයෙකු බවත්, ඒ සඳහා අවශ්‍ය යන්ත්‍රයක් මිලදීගැනීමට ඔහුට අවශ්‍ය වුවත් එයට නිවසින් කිසිම සහායක් නොලැබීය ඇති බවත් පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියේය.
ඉන්පසුව පසුගිය 16 වනදා දරුවාගේ පියා වැඩට ගොස් සවස නිවසට පැමිණි අවස්ථාවේ නිවසේ පිටුපස දොර විවෘතව තිබු අතර අල්මාරියද විවෘත කර ඇති නිසා සොයා බැලීමේදී එහි තිබු රන් භාණ්ඩ සියල්ල නැති බව දැන ගෙන පුතාගෙන් විමසුවද හරිහැටි පිළිතුරක් නොලැබුණ බැවින් අවසානයේ සොරකම පිළිබඳව අක්මීමණට පොලිසියට පැමිණිලි කර ඇති බවත් පැවසීය.
එහිදී ළමයා සියල්ල හෙළි කර ඇති අතර තමා සියලුම රන් භාණ්ඩ සොරකම් කරගෙන ගොස් යහළුවාගේ මවට දුන් බවත්, ඇය ඒවා උකස්කර තමාට වඩුවැඩ කිරීමට යන්ත්‍රයක්ද, ජංගම දුරකතන තුනක්ද, රෙදිපිළි ඇතුළු භාණ්ඩ ගෙනැවිත් දුන් බවත් දරුවා වැඩිදුරටත් කියා ඇත.
ඒ අනුව පොලිසිය විසින් යාළුවාගේ නිවස පරික්ෂා කිරීමේදී එහි තිබී ළමයා ඉල්ලුම් කරන ලද වඩුවැඩ කිරීමට අවශ්‍ය උපකරණයත්, ජංගම දුරකතන තුනත්, රෙදිපිළි, විදුලි පංකාවක් ආදිය සොයාගෙන තිබේ.
අනතුරුව සොරකම් කිරීමට ආධාර අනුබල දීම, සොරබඩු ළඟ තබාගැනීම, සොරබඩු අලෙවි කිරීම යන චෝදනා යටතේ සැකකාරිය සහ ළමයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරමින් පොලිසිය පැවසුවේ සැකකාර දරුවාට අවශ්‍ය දේවල් ලබා ගැනීම පියා විසින් වළකා ඇති බවයි.
දරුවාගේ මාළු ටැංකියත් පියා විසින් ඉවත් කර ඇති බවත්, ඔහු ඉල්ලා සිටි වෑල්ඩින් උපකරණ ලබා නොදීමත් නිසා ළමයා අවස්ථා කිහිපයකදී මෙම බඩු සොරකම් කර ඒවා ගෙන ගොස් සැකකාරියට ලබාදී ඇති බවත් පොලිසිය අධිකරණයට කියා සිටියේය.
ළමයා සිදුකරන ලද සොරකමට මුල් අවස්ථාවේදී කරුණු වටහා නොදී සැකකාරිය වංක චේතනාවෙන් ළමයා හරහා සොරකම් දිගින් දිගටම සිදුකර රන් භාණ්ඩ ස්ථාන පහකට උකස්කර මුදල් ලබාගෙන එම මුදල් වලින් ඇගේ අවශ්‍යතාවන් ඉටුකර ගෙන ඇති බවත් පොලිසිය කියා සිටියේය.
රන් භාණ්ඩ උකස්කරන ලද රිසිට් පත් පහක්ද පොලිසිය විසින් සොයාගෙන තිබුණි.
ළමයා රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදාහැර මව්පියන්ට බාරදී ඇති අතර සැකකාර කාන්තාව ලබන 27වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමටත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
70327 Views
Comments