ශ්‍රී ලංකාව අපරාජිතව සුපිරි 12 දෙනාගේ වටයට
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
23

ශ්‍රී ලංකාව අපරාජිතව සුපිරි 12 දෙනාගේ වටයට

ශ්‍රී ලංකාව අපරාජිතව සුපිරි 12 දෙනාගේ වටයට

20 - 20 ලෝක කුසලාන තරඟාවලියේ අවසාන මූලික වටයේ තරඟය පහසුවෙන් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

 

ඒ නෙදර්ලන්තය කඩුලු 08කින් පරාජය කරමිනි.

 

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනයෙන් පිටියට පිවිසි නෙදර්ලන්ත කණ්ඩායම් සියලු දෙනා ලකුණු 44කදී දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත්වූහ.

 

වනිදු හසරංග හා ලහිරු කුමාර කඩුලු 03 බැගින් බිඳ හෙලීමට සමත්විය.

 

ඒ අනුව ජයග්‍රහණය සඳහා ලකුණු 45ක් හඹාගිය ශ්‍රී ලංකාව එය කඩුලු‍ 2ක් පමණක් දැවී ලබා ගැනීමට සමත් වුණි. 

 

කුසල් පෙරේරා නොදැවී ලකුණු 33යි.

 

සුපිරි 12 දෙනාගේ වටයේ තරඟ අද(23) ආරම්භ වීමට නියමිතයි.

views

676 Views

Comments

arrow-up