මහ දවාලේ එලියට යනවනම් පිළිකා අවධානම ඉහළට

චර්ම රෝග විශේෂඥ වෛද්‍ය නයනි මදරසිංහ මහජනතාවගෙන් ඉල්ලා සිටියේ පවතින දැඩි හිරු රශ්මිය හේතුවෙන් මේ දිනවල පෙරවරු 10.00ත් පස්වරු 02.00ත් අතර කාලයේදි එළිමහනට නොයා සිටින ලෙසයි.
විශේෂඥ වෛද්‍යවරිය ප්‍රකාශ කළේ එළිමහනට යාමේදී අලේපන වර්ග ඇතුළු ආරක්ෂක ක්‍රම අනුගමනය කිරීම මගින් දැඩි හිරු රශ්මියෙන් සමට ඇති විය හැකි බලපෑම අවම කරගත හැකි බවත් හිරුඑළියට දැඩිව නිරාවරණයවීම නිසා පිළිකා කාරක තත්ත්වයක්ද ඇති වීමේ අවදානමක් පවතින බවයි.
එම නිසා අව් රශ්මියෙන් වැළකීමට හිස් වැස්මක් හෝ කුඩයක් භාවිත කිරීම වැදගත් බවද ඇය කීවාය.
ඇය වැඩිදුරටත් පැවසුවේ දිර්ඝ කාලිනව හිරු එළියට නිරාවරණය වීමේදී සම ඉක්මනින් වියපත් වන බවත් හිරු එළියේ ඇති පාරජම්බුල කිරණ මගින් සම වයසට යාමේ ක්‍රියාවලිය ඉක්මන් වන බවයි.
321 Views
Comments