සඳ වෙත ගමන් ඇරඹූ රුසියන් අභ්‍යවකාශ යානය

සඳ වෙත පළමු අභ්‍යවකාශ යානය රුසියාව වසර 47කට පසු පිටත්කර හැරියා.
මිට අඩසිය වසකට ආසන්න කාලයකදී රුසියාව සඳ මතුපිටට සිය පළමු යානය යැවූයේය.
ඒ සදේ දක්ෂිණ ද්‍රවයට ගොඩබැස්සවූ පළමු රට බවට පත්වීමේ අරමුණෙන් බව සඳහන් වේ.
දක්ෂිණ ද්‍රවයෙහි ජලය පවතින බවට තොරතුරු වාර්තා වේ.
ලබන 21 වනදා සඳට යැවූ යානය සඳ මතට ගොඩබැස්සවීමට නියමිතයි.
ලබන 23 වනදා ඉන්දියාවේ චන්ද්‍රයාන් 3 අභ්‍යවකාශ යානය ද සඳ මතුපිටට ළඟා වීමට නියමිතව තිබෙනවා.
මේ අතර සඳ මතුපිට ඡායාරූප පෙළක් ඉන්දියාවේ චන්ද්‍රයාන් යානය පසුගියදා ගෙන තිබුණා.
එම ඡායාරූපවලින්ද තහවුරු වුණේ සඳ මතුපිට විශාල ආවාට ඇති බවයි.
207 Views
Comments