රට පුරා අයිස් පැතිරේ. යොවුන් වියේ දරුවා ගැන අවධානයෙන් ඉන්න.
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
04

රට පුරා අයිස් පැතිරේ. යොවුන් වියේ දරුවා ගැන අවධානයෙන් ඉන්න.

රට පුරා අයිස් පැතිරේ. යොවුන් වියේ දරුවා ගැන අවධානයෙන් ඉන්න.

අයිස් (මෙත්ඇම්පිටමින්) මත්ද්‍රව්‍ය පාවිච්චිය සම්බන්ධ සිද්ධි විසි දහස් එකසිය පහක් පසුගිය වසරේදී වාර්තා වී ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.



මෙය වාර්තාගත ඉහළ යෑමක් බව පොලිස් ප්‍රධානීහු පෙන්වා දෙති. පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ වැඩිදෙනා අඩු වයස්වල අය වෙති.



අයිස් මත්ද්‍රව්‍ය පාවිච්චිය සම්බන්ධයෙන් දහඅට දහස් නවසිය පනස් පහකට පසුගිය වසරේදී නඩු පවරා ඇති අතර ඉන් වැරදිකරුවන් වූ සංඛ්‍යාව දාහත් දහස් නවසිය පනස් පහක් බව පොලිස් මූලස්ථානයේ 2022 වාර්ෂික වාර්තාවේ සඳහන් වේ.



එම වසරේ දී අත්අඩංගුවට ගැනුණු අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝ 253 කට ආසන්නය.

views

277 Views

Comments

arrow-up