ග්‍රාමීය නිවාස 25000 ක් සඳහා සූර්ය පැනල
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
29

ග්‍රාමීය නිවාස 25000 ක් සඳහා සූර්ය පැනල

ග්‍රාමීය නිවාස 25000 ක් සඳහා සූර්ය පැනල

ග්‍රාමීය නිවාස 25000 ක් ඉදි කිරීම සහ එම නිවාස සදහා වහලය මත සූර්ය පැනල සවිකිරීමේ ව්‍යාපෘතියක් පිළිබඳව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා නිවාස හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය සමග සාකච්ඡාවක් පවත්වා තිබේ.

 

පෞද්ගලික මුල්‍ය ආයෝජනයක් මත නිවාස හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය සමග ඒකාබද්ධව සිදු කිරීමට බලාපොරොත්තු වන මෙම ව්‍යාපෘතිය මගින් අඩුආදායම්ලාභී පවුල් වෙනුවෙන් නව නිවාස ඉදි කිරීමට බලාපොරොතු වන බවත්, එම නිවෙස් වල වහලය මත සවිකරන සූර්ය පැනලවල විදුලිබලය ජාතික පද්ධතියට ලබාදීමෙන් ලැබෙන ආදායම මගින්, නිවාසය ඉදිකිරීමේ හා සූර්ය පැනල වෙනුවෙන් වැය වූ මුදල් ආවරණය කිරීමට බලාපොරොත්තුවන බවද අමාත්‍යවරයා පැවසුවේය.

 

ව්‍යාපෘතියේ ආයෝජනය, ඉදිකිරීම් සහ ක්‍රියාවට නැංවීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් මෙහිදී අදාල පාර්ශව කරුවන් සමග සාකච්ඡාවට ගෙන ඇති බව ද සඳහන් වේ.

views

253 Views

Comments

arrow-up