හිරෙන් පැන්න රැඳවියා ගඟට පනී
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
22

හිරෙන් පැන්න රැඳවියා ගඟට පනී

හිරෙන් පැන්න රැඳවියා ගඟට පනී

මහනුවර පල්ලෙකැලේ එළිමහන් සිර සිරකඳවුරෙන් පලායමින් සිටි රැඳවියෙක් මහවැලි ගඟේ ගිලී අතුරුදන්ව ඇති බව පොලිසිය පවසයි.

 

මෙලෙස අතුරුදන්ව ඇත්තේ බොරැල්ල සීවලී පටුමගේ පදිංචි මොහොමඩ් රම්සීන් නමැති පුද්ගලයෙකි.

 

මොහු එළිමහන් සිරකඳවුරේ වගා අංශයේ සේවයට යොදවා සිටියදී මෙලෙස නිලධාරීන්ගේන් මිදී පලා යමින් සිටියදී, නිලධාරීන් ඔහු පසුපස හඹා යාමේදී එම පුද්ගලයා මහවැලි ගඟට පැන තිබේ.

 

මහවැලි ගඟට පැන්න පුද්ගලයා ඉන්පසුව අතුරුදන්වී ඇති අතර නිලධාරීන් අවට ප්‍රදේශය සෝදිසි කිරීමේන් පසු රැදවියාගේ මළ සිරුර හමු නොවීම හේතුවෙන් සිද්ධිය සම්බන්ධයෙන් පල්ලෙකැලේ පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

views

232 Views

Comments

arrow-up