බණ්ඩි පොහොර මිලත් අඩුවෙයි

බණ්ඩි පොහොර කිලෝග්‍රෑම් 50ක මිල අද (15) සිට රුපියල් 1000 කින් අඩුකරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
මේ වනවිට ගොවිජන සේවා මධ්‍යස්ථාන මගින් රුපියල් 15,000ක් බැගින් අලෙවි කරන බණ්ඩි පොහොර කිලෝග්‍රෑම් 50ක මිටියක් අද සිට රුපියල් 14,000 දක්වා අඩු වන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේය.
ගොවීන්ට අද සිටම එම මිලට ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙතින් පොහොර ලබා ගැනීමට අවස්ථාව සලසා දී තිබේ.
මෙම කන්නය ආරම්භ වනවිට රුපියල් 22,000 ඉක්මවා පැවති බණ්ඩි පොහොර මිල රජය විසින් රුපියල් 19,500ට අඩු කරනු ලැබීය.
යල කන්නය ආරම්භයේදීම එම පොහොර මිල තවත් රුපියල් 4500 කින් අඩු කිරීමට ද රජය පියවර ගත් බව කෘෂිකර්ම අමාත්‍යාංශය පැවසුවේය.
222 Views
Comments