සමාජ මාධ්‍ය කැලඹු වීඩියෝවෙන් පසු 8ක් අත්අඩංගුවට

නවගමුව ඉහළ බෝමිරිය ප්‍රදේශයේ පිහිටි ශ්‍රී සුමනාරාම විහාරස්ථානයේ වැඩ වාසය කරන පල්ලේගම සුමන හිමියන්ට හා කාන්තාවන් දෙදෙනකුට විහාරස්ථානය තුළදී පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
එක් සැකකරුවෙකු ඊයේ (07) රාත්‍රීයේ අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙක් සැකකරුවන් 07 දෙනා අද උදෑසන නවගමවු පොලිස් ස්ථානයට භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව පැවසීය.
ස්වාමින්වහන්සේ නමකට හා කාන්තාවන් දෙදෙනකුට පහරදී ලිංගික හිරිහැරයක් සිදුකිරීම සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ.
මේ අතර එම සිද්ධියට අදාළ වීඩියෝ දර්ශනය කිසියම් පුද්ගලයෙකු විසින් සමාජා මාධ්‍ය වෙත මුදාහැර ඇති බවත් ඒ පිළිබඳව ද විමර්ශන කටයුතු සිදුකරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් නවගමුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි
361 Views
Comments