අරක්කු වලිනුත් පොලු තියපු ජොන්ස්ටන් හා ඇලෝසියස්

පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ අර්ජුන් ඇලෝසියස්ට අයත් අරක්කු සමාගම් ඇතුළු මෙරට ප්‍රමුඛ පෙලේ මත්පැන් නිෂ්පාදන සමාගම් 09 ක් ම බදු ගෙවා නොමැති බව හෙළි වී ඇත.
ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තතමේන්තුව පවසන්නේ ඒ මුදල දල වශයෙන් රුපියල් කෝටි 964 ක් බවයි. හිඟ බදු මුදල ගණන් බලා ඇත්තේ 2023.06.15 දක්වා යි. ඊට හිඟ බදු සහ ප්‍රමාද ගාස්තුද ඇතුළත් වේ.
අර්ජුන් ඇලෝසියස්ට අයත් රාගම, වැලිසර පිහිටි සී/ස ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගම වැඩිම හිඟ මුදලට හිමිකම් කියයි. ඔවුන් විසින් 2019 වසරේ සිට 2023.06.15 දක්වා වසර හතරක කාලය තුළ ආසන්න වශයෙන් රුපියල් කෝටි 342 ක මුදලක් ගෙවා නොමැති බව පැවසේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුට අයත් කුරුණෑගල, මල්කඩුවාවේ පිහිටි වයඹ ඩිස්ටිලරීස් (පුද්ගලික) සමාගම 2004 සහ 2005 වසර සඳහා ගෙවීම පැහැර හැර ඇති මුදල ආසන්න වශයෙන් රුපියල් කෝටි 53 කි. ඔහුටම අයත් වයඹ ස්පිරිස්ට්ස් සමාගම 2004 වසරට අදාළව ගෙවීම පැහැර හැර ඇති මුදල ආසන්න වශයෙන් රුපියල් කෝටි 27 කි. ඒ අනුව ඔහු විසින් නොගෙවා ඇති මුළු මුදල ආසන්න වශයෙන් රුපියල් කෝටි 80 කි.
තව කියවන්න
https://aayubo.com/si
තව නිවුස් බලන්න ආයුබෝ app එක download කරන්න.
Android
https://play.google.com/store/apps/details?id=com.sumic.news_app_new
iOS
https://apps.apple.com/us/app/aayubo/id6443983455
Follow Us..
FB pages
https://web.facebook.com/aayubomedia
https://web.facebook.com/aayubonews
YT
https://youtube.com/@AayuboMedia
342 Views
Comments