නිල්සිරිගම ප්‍රදේශයේ වගුරුබිමක තිබී සොයාගත් මලසිරුර හිමි පුද්ගලයා මැරුණද? මැරුවද?

පමුණුගම, නිල්සිරිගම ප්‍රදේශයේ වගුරුබිමක තිබී ඝාතනයට ලක්වූ පුද්ගලයෙකුගේ සිරුරු කොටස් සොයාගෙන තිබේ.
එලෙස ඝාතනයට ලක්වී ඇත්තේ තුඩැල්ල ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙක් බව පොලීසිය සඳහන් කරයි.
ඔහුගේ බිරිඳ විසින් පසුගිය මස 20 වනදා සිට එම පුද්ගලයා අතුරුදන්වී ඇති බවට පොලීසියට පැමිණිල්ලක් ලබා දී තිබුණි.
පොලීසිය විසින් අතුරුදන්වූ පුද්ගලයා අවසන්වරට ඇසුරුකළ පුද්ගලයෙකු හඳුනාගෙන ඇති අතර පමුණුගම, බෝපිටිය ප්‍රදේශයේ දී ඔහුව සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
පුද්ගලික ආරවුලක් හේතුවෙන් ඔහු විසින් තියුණු ආයුධයකින් පහරදී අදාළ පුද්ගලයාව ඝාතනය කර ඇති බව ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබේ.
නිල්සිරිගම වගුරුබිමක තිබී ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ සිරුරු කොටස් සොයාගෙන ඇත.
පොලීසිය පැවසුවේ මේ වනවිට එම ස්ථානයට පොලිස් ආරක්ෂාව යොදා ඇති බවයි.
අත්අඩංගුවට ගත් සැකකරු 42 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරු වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
තව කියවන්න
https://aayubo.com/si
තව නිවුස් බලන්න ආයුබෝ app එක download කරන්න.
Android
https://play.google.com/store/apps/details?id=com.sumic.news_app_new
iOS
https://apps.apple.com/us/app/aayubo/id6443983455
Follow Us..
FB pages
https://web.facebook.com/aayubomedia
https://web.facebook.com/aayubonews
YT
https://youtube.com/@AayuboMedia
330 Views
Comments