සාදයක් වටලා මත්ද්‍රව්‍ය සමග 12ක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
25

සාදයක් වටලා මත්ද්‍රව්‍ය සමග 12ක් අත්අඩංගුවට

සාදයක් වටලා මත්ද්‍රව්‍ය සමග 12ක් අත්අඩංගුවට

අවිස්සාවේල්ල ගුරුගල්ල ප්‍රදේශයේ හෝටලයක් තුල මුහුණු පොතෙහි දැන්වීම් පළ කර පැවැත් වූ සාදයක් වටලා මත්ද්‍රව්‍ය සමගින් තරැණයන් 12 දෙනකු අත්අඩංගුවට ගත් බව සීතාවක පොලීසිය පවසයි.

 

සීතාවක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චන්දන කොඩිතුවක්කු මහතාට ලද තොරතුරක් මත විසි පහකට වැඩි පොලිස් නිළධාරීන් ගේ සහභාගිත්වයෙන් මෙම වැටලීම සිදු කර තිබේ.

 

අදාල සාදය පැවැත් වූ හෝටලයේ හිමිකරු විසින් එම සාදය මුහුණු පොත හරහා සංවිධානය කර ඇති අතර එම හෝටලයට යන මාර්ග ගස් කපා දමා හරස් කර කෙසෙල් කොල යොදාගෙන හෝටලය නොපෙනන ලෙස වසා දමා තිබූ බවද එම කාර්යාලය පවසයි.

 

අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබී ගංජා යොදා සකස්කල දුම්වැටි 11ක්,  සාදය සංවිධානය කළ හෝටලයේ හිමිකරු සතුව තිබී හෂීස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 20ක්, මත්පැන් බෝතල් 10ක්, බියර් ටින් 22ක් සහ බියර් බෝතල් 12ක් සොයා ගැනීමට හැකි වී තිබේ.

 

අත්අඩංගුවට ගත් තරැණයන් අතර කහතුඩුව ප්‍රදේශයේ සිට පැමිණි තරැණයන් හත් දෙනකු සහ බලංගොඩ ඇහැලියගොඩ අවිස්සාවේල්ල ගුරුගල්ල ආදී ප්‍රදේශවල පදිංචි වයස අවුරැදු 18 ත් 26 ත් අතර තරැණයින් කිහිප දෙනෙකුද සිටින බව සදහන් වේ.

 

අත්අඩංගුවට ගත් සැකකරුවන් පිරිස අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
 

views

290 Views

Comments

arrow-up