කප්පම් ඉල්ලූ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

ඖෂධ නිෂ්පාදනය කරනු ලබන ආයතනයක් පවත්වාගෙන යන පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 10ක කප්පම් මුදලක් ඉල්ලූ සැකකරුවන් තිදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එම ආයතනයේ නිෂ්පාදන හා වෙළඳ කටයුතු පිළිබඳ අවතක්සේරු කර දැන්වීමක් සකසා සමාජ මාධ්‍ය වෙත මුදා හරින බවට තර්ජනය කරමින් සැකකරුවන් විසින් එලෙස කප්පම් මුදල ඉල්ලා තිබේ.
අදාළ මුදල රැගෙන බණ්ඩාරගම නගරයට පැමිණෙන ලෙසට කප්පම්කරුවන් විසින් අදාළ පුද්ගලයාට දැනුම් දී ඇති අතර බණ්ඩාරගම නගරයේදී එම කප්පම් මුදල ලබා දීමේදී සැකකරුවන් තිදෙනා පිහියක්ද සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු අලුබෝමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අනෙක් සැකකරුවන් දෙදෙනා පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.
267 Views
Comments