JUN
11
රියැදුරු බලපත්‍ර ගැන අලුත්ම ආරංචිය

මෙතෙක් ලබා දීමට නොහැකි වූ රියැදුරු බලපත්‍ර තුන්වන පාර්ශවයක් මගින් මුද්‍රණය කර ලබාදීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ.
ඊට අවශ්‍ය කැබිනට් අනුමැතිය ලබා ගැනීමට මේ වන විට සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව රියැදුරු බලපත්‍ර ලක්ෂ අට හමාරක් තුන්වන පාර්ශවයක් මගින් මුද්‍රණය කර බලපත්‍රලාභීන්ට නිකුත් කිරීමට නියමිත බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ලබා දීමට නොහැකි වූ රියදුරු බලපත්‍ර කාඩ්පත් පමණක් මෙලෙස තුන්වන පාර්ශවයක් මගින් මාස 6 ක් හෝ 7 ක් තුළ ලබාදීමට සැලසුම්කර ඇති බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.
405 Views
Comments