JUN
04
වයෝවෘද්ධ පුද්ගලයකු ඝාතනය කර දේපොළ කොල්ල කාලා

පොසොන් පොහොයා දිනයේ මතුරට කෝපිවත්ත ප්‍රදේශයේ නිවසක 73 හැවිරිදි වයෝවෘද්ධ පුද්ගලයකුගේ අතපය ගැටගසා ඝාතනය කර දේපළ කොල්ල කා ඇතැයි මතුරට පොලිසිය පවසයි.
ඊයේ (03) මරණකරුගේ බිරිඳ සිල් සමාදන් වීම සඳහා නිවසෙන් පිටත්ව ගොස් ඇති අතර නිවසේ සිට ඇත්තේ මෙම වයෝවෘද්ධ පුද්ගලයා පමණි.
මෙම වයෝවෘද්ධ පුද්ගලයා අත පය ගැට ගසා නිවසේ කාමරයක් තුළ ඝාතනය කර තිබේ.
නිවසේ භාණ්ඩ සියල්ලම ඇද දමා ඇති අතර, දේපළ කොල්ලකෑම සඳහා පැමිණි පිරිසක් ඝාතනය කරන්නට ඇති බවට පොලීසිය පවසයි.
මතුරට පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
269 Views
Comments