ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා කාර්‍යංශයෙන් පමණයි.
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
11

ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා කාර්‍යංශයෙන් පමණයි.

ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා කාර්‍යංශයෙන් පමණයි.

සාත්තු සේවා රැකියා වරම් ලැබූ ශ්‍රි ලාංකිකයින් දසදෙනෙකු වෙත ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීම, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා දින (2023.06.09 දින) විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී සිදුකරන ලදී. 60 වන ශ්‍රමික කණ්ඩායම ලෙස එම පිරිස 2023.06.13 දින ඊශ්‍රායලය බලා පිටත්ව යාමට නියමිතව ඇත.

 

 

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ ඊශ්‍රායලයේ ජනගහන හා සංක්‍රමණ අධිකාරිය අතර 2020 වසරේ ඇතිකර ගත් ගිවිසුම ප්‍රකාරව ශ්‍රි ලාංකිකයින්ට ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා අවස්ථා හිමිවන අතර 2022 අප්‍රේල් 28 දින සිට මේ දක්වා ශ්‍රී ලාංකික සාත්තු සේවා වෘත්තිකයින් 372 ක් සඳහා ඊශ්‍රායලයේ රැකියා වරම් හිමිව තිබේ. මේ ආකාරයට මෙම වසර තුළදී ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා අවස්ථා 2,000 ක් සදහා වන රැකියා කෝටාවක් ලබාදීමට ඊශ්‍රායලයේ ජනගහන හා සංක්‍රමණ අධිකාරිය එකගතාවය පළ කර තිබේ.

 

 

ඊශ්‍රායල් රජය හා ශ්‍රි ලංකා රජය අතර ඇති කරගන්නා ලද අවබෝධතා ගිවිසුම අනුව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් පමණක් ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා ශ්‍රි ලාංකිකයින්ට හිමිවන අතර, ඊශ්‍රායලයේ රැකියා ලබාගැනීම සඳහා කිසිඳු බාහිර පුද්ගලයෙකුට මුදල් හෝ ගමන් බලපත්‍රය ලබාදීමෙන් වලකින ලෙස ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

views

269 Views

Comments

arrow-up