Instagram හරහා කුඩා කාලයේ මිතුරිය සොයාගනී

Neha නම් කාන්තාව තම කුඩා කාලයේ මිතුරිය සොයා ගැනීමට Instagram ගිණුමක් නිර්මාණය කර ඇයගේ මිතුරිය සම්බන්ධ සියලු තොරතුරු පවසමින් වීඩියෝවක් බෙදාගෙන ඇති අතර එය මිලියන 07ක පිරිසක් නරඹා ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.
Neha නම් කාන්තාව ඇගේ මිතුරිය වන Lakshitha සොයා ගැනීම සඳහා @finding_Lakshita ලෙසින් ගිණුම නිර්මාණය කර මිතුරියගේ තනි ඡායාරුපයක් එහි හුවමාරු කර තිබෙනවා.
Instagramහි හුවමාරු කරගත් වීඩියෝවක Neha මහත්මිය කියා සිටියේ තමා සමාජ මාධ්‍යවල තම මිතුරියගේ නම ඇති පුද්ගලයින්ට පණිවිඩ යැවීමට පවා පටන් ගත් බවයි.
අවසානයේ Neha මිතුරියව සොයා ගැනීමට සමත් වූ අතර @finding_lakshita ගිණුමෙහි ජීව දත්ත ද යාවත්කාලීන කර, මිතුරිය සොයාගැනීමේ මෙහෙයුම සාර්ථක වූ බවට සටහනක් තබා තිබේ
304 Views
Comments