සම්බාහන මධ්‍යස්ථානයකින් අල්ලස් ගත් හිටපු පොලිස් පරීක්ෂකවරයාට වැඩ වරදී

සම්බාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාමට නීතිමය බාධාවකින් තොරව සහය ලබා දෙන බව ප්‍රකාශ කර අල්ලස් මුදලක් ලබාගත් පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර මෙම පුද්ගලයා සපුගස්කන්ද පොලිසියේ පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස සිට සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් 2023.04.21 දින සිට සේවයෙන් ඉවත් කළ පුද්ගලයෙකු බවයි පොලිස් මාධ්‍ය අංශය ප්‍රකාශ කළේය.
එමෙන්ම එම පුද්ගලයාට වැටුප් ගෙවීම්ද 2023 ජනවාරි මස සිට සිදුකර නොමැති බව ද පොලිස් මාධ්‍ය අංශය ප්‍රකාශ කළේය.
අල්ලස් මුදල ලබාගන්නා අවස්ථාවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන ඒකකය මගින් ඔහු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේය.
234 Views
Comments