ඩෙංගු ව්‍යාප්තිය වැඩි වීමේ අවදානමක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
04

ඩෙංගු ව්‍යාප්තිය වැඩි වීමේ අවදානමක්

ඩෙංගු ව්‍යාප්තිය වැඩි වීමේ අවදානමක්

ඉදිරි මෝසම් වැසි තත්ත්වය සමග ඩෙංගු ව්‍යාප්තියේ වැඩි වීමක් අපේක්ෂා කළ හැකි බව සෞඛ්‍ය අංශ පවසයි.

 

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වෛද්‍ය ළහිරු කොඩිතුවක්කු ජනතාවට දැනුම් දෙන්නේ මෝසම් වැසි තත්ත්වයට පෙර සිය පරිශ්‍ර පිරිසිදු කර ගැනීම මගින් අවධානම අවම කරගන්නා ලෙසයි.

 

මේ අතර ලබන 14, 15 සහ 16 යන දිනවල දිවයිනේ දිස්ත්‍රික්ක 12 ක් ආවරණය වන පරිදි විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක බව වෛද්‍ය ලහිරු කොඩිතුවක්කු සඳහන් කළේය.

views

196 Views

Comments

arrow-up