නීතිවිරෝධී බීඩි කොළ තොගයක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
11

නීතිවිරෝධී බීඩි කොළ තොගයක් අත්අඩංගුවට

නීතිවිරෝධී බීඩි කොළ තොගයක් අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ සිට මුහුදු මගින් මෙරටට රැගෙන ආ බීඩි කළ තොගයක් කල්පිටියේ සිට පාලවිය දෙසට ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් තිබියදී ඊයේ අලුයම පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත් අඩංගුවට ගෙන ඇත. 

 

යුධ හමුදා බුද්ධි තොරතුරකට අනුව පුත්තලම පාලවිය ප්‍රදේශයේදී මෙම වැටලීම සිදු කර ඇත.

 

එහිදී බීඩි කිලෝ 1091ක් සමග සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් කල්පිටිය පල්ලිවාසල්තුරේ සහ වෙන්නප්පුවේ පදිංචිකරුවන් පිරිසකි.

 

ඉන්දියාවේ සිට කල්පිටියට මුහුදු මගින් රැගෙන එන බීඩි කොළ එහි රහසිගත ලෙස ගබඩා කොට තබා, පසුව ලොරි රථ මගින් දිවයිනේ විවිධ ප්‍රදේශ කරා ප්‍රවාහනය කරන ජාවාරමක් දිගුකලක සිට ක්‍රියාත්මක බව ආරක්ෂක අංශ පවසයි.

views

257 Views

Comments

arrow-up