JUN
11
දෙහිවල පුද්ගල ඝාතනයක්

දෙහිවල ප්‍රදේශයේදී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කර ඇති බව පොලීසිය පවසයි.
පෞද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුකර ඇති අතර පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පැවසීය.
මෙලෙස මියගොස් ඇත්තේ දෙහිවල අවුබර්න් සයිඩ් ප්‍රදේශයේ පදිංචිව සිටි 69 හැවිරිදි පුද්ගලයෙකි.
අදාළ පුද්ගලයා කපා කොටා ඝාතනය කළ සැකකරු මේ වන විට ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර දෙහිවල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.
235 Views
Comments