පොල්තෙල් මිලත් ඉහළ යයිද
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
18

පොල්තෙල් මිලත් ඉහළ යයිද

පොල්තෙල් මිලත් ඉහළ යයිද

සාම්ප්‍රදායික පොල්තෙල් නිෂ්පාදකයන් යැයි කියාගන්නා පිරිසක් දේශීය වෙළෙඳපොළේ පොල්තෙල් මිල ඉහළ දැමීමට සූදානමින් සිටින බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පෙන්වාදෙයි.

 

එහි සභාපති රංජිත් විතානගේ පැවසුවේ දැනට වෙළෙඳපොළේ පොල් ගෙඩියක් රුපියල් 120, 130 වැනි ඉහළ මිලකට අලෙවි වූවත් සැපයුමේ කාර්යක්ෂමතාව නිසා වෙළෙඳපොළේ සාධාරණ මිලකට පොල්තෙල් අලෙවි කරන බවයි.

 

නමුත් මෙම පිරිස වෙළෙඳපොළ සැපයුම අඩාල කර කෘත්‍රිම හිඟයක් ඇති කර පොල්තෙල් මිල ඉහළ දැමීමට සැලසුම් කරන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

views

279 Views

Comments

arrow-up