දුම්රිය ස්ථානයේ නිදාගත් එස්.අයි.ව කොල්ලකාලා
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
08

දුම්රිය ස්ථානයේ නිදාගත් එස්.අයි.ව කොල්ලකාලා

දුම්රිය ස්ථානයේ නිදාගත් එස්.අයි.ව කොල්ලකාලා

දුම්රියක් පැමිණෙන තෙක් රත්මලාන දුම්රිය ස්ථානයේ පුටුවක වාඩිවී සිටියදී නින්ද ගිය උප පොලිස් පරීක්ෂකවරයකුගේ ගමන් බෑගයේ තිබූ නවීන පන්නයේ ජංගම දුරකථනයක්, රත්තරන් මුද්දක්, ගෙල පැලැඳ සිටි පවුම් හයක් බර රන් මාලයක් සහ රුපියල් 2000 සහිත පසුම්බිය කොල්ලකා ඇතැයි ගල්කිස්ස මූලස්ථාන පොලීසිය පවසයි.

 

මෙම උප පොලිස් පරීක්ෂකවරයා පොලිස් මූලස්ථානයේ පරීක්ෂණ හා සංවර්ධන කොට්ඨාසයේ රාජකාරි කරන අයෙක් වන අතර ඔහු මේ සම්බන්ධව ගල්කිස්ස මූලස්ථාන පොලිසියට පැමිණිලි කර තිබේ.

 

සොරාගෙන ගිය පුද්ගලයා ගැන තවමත් තොරතුරක් පොලිසියට ලැබී නොමැති අතර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින අයකු මෙම සොරකම සිදු කරන්නට ඇති බවට පොලිසිය සැක කරයි.

views

444 Views

Comments

arrow-up