කුඩ්ඩෝ වනසන කල්‍යාණි රන් පිවිසුම

නව කැලණි පාලමේ උපාංග ඇතැම් පුද්ගලයන් ගලවාගෙන යෑම නිසා එහි සුවිශේෂී ආලෝක පද්ධතිය ක්‍රියාත්මක කළ නොහැකි තත්වයට පත්ව ඇති බවත් මේ හේතුවෙන් රුපියල් කෝටි දෙකහමාරක අලාභයක් වී ඇති බවත් මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් ඒල්. වී. එස්. වීරකෝන් මහතා පැවසීය.
රුපියල් කෝටි 5000 ක් වැය කර ‘කල්‍යාණි රන් පිවිසුම’ ලෙස හදුන්වන මෙම පාලන 2021 වසරේ විවෘත කළ අතර පාලම අවට සිටින ඇතැම් පුද්ගලයන් උපාංග ගලවාගෙන යන බවට තොරතුරු ලැබී තිබේ.
කටුනායක අධිවේගී මාර්ගයේ කිලෝමීටර 13 ක පමණ දුරක තඹ කේබල් පද්ධතිය කැපීමෙන් රුපියල් කෝටි 25 ක පමණ පාඩුවක් වී ඇති බව කියන මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා මධ්‍යම සහ දක්‍ෂිණ අධිවේගී මාර්ගවල ද කම්බි කැපීමෙන් විශාල පාඩුවක් වී ඇති බව ද සඳහන් කළේය.
320 Views
Comments