තැපැල් ස්ථානාධිපතිනියට මිරිස් කුඩු ගහලා
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
08

තැපැල් ස්ථානාධිපතිනියට මිරිස් කුඩු ගහලා

තැපැල් ස්ථානාධිපතිනියට මිරිස් කුඩු ගහලා

කොටවිල මැදකොටවිල උප තැපැල් කාර්යාලයට පැමිණි නාඳුනන පුද්ගලයකු එහි ස්ථානාධිපතිනියට මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කොට ඇත.



අනතුරුව එහි තිබූ මුදල් පැහැර ගැනීමෙි උත්සාහය වැරදීම නිසා සැකකරු පලාගොස් ඇති බව කොටවිල පොලිසිය පවසයි.



මුහුණු ආවරණය කොට යතුරුපැදියකින් මැද කොටවිල තැපල් කාර්යාලයට ආ සැකකරු කිසියම් ⁣ දෙයක් පිළිබඳ තොරතුරු විමසන මුවාවෙන් තැපැල් ස්ථානාධිපතිනියගේ මුහුණට මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කොට ඇත.


ඉන්පාඋ තැපැල් කාර්යාලයට ඇතුළු වී එහි තිබූ මුදල් පැහැර ගැනීමට උත්සාහ කර තිබිණි. එම අවස්ථාවේදී තැපැල් ස්ථානාධිපතිනියගේ දක්ෂතාවය මත ඔහු සමඟ පොරබදා මුදල් පසුම්බිය රැක ගැනීමට සමත්ව තිබේ.



තැපැල් ස්ථානාධිපතිනිය ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහලට ඇතුළත් කොට ඇති අතර කොටවිල පොලිසිය පරීක්ෂණ මෙහෙයවයි.

views

294 Views

Comments

arrow-up