පාතාල සාමාජිකයෙක් හා හමුදා ලොක්කෙක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
01

පාතාල සාමාජිකයෙක් හා හමුදා ලොක්කෙක් අත්අඩංගුවට

පාතාල සාමාජිකයෙක් හා හමුදා ලොක්කෙක් අත්අඩංගුවට

අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන පෙළේ පාතාල සාමාජිකයකු හා යුද හමුදා කපිතාන්වරයකු ගිනි අවි හා ජීව උණ්ඩ නොගයක් සමඟ පෙරේදා (29) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය පවසන අන්දමට මෙම සැකකරුවන් දෙදෙනා සතුව තිබී T 56 ගිනි අවියක්, ජීව උණ්ඩ 108ක්, බ්‍රව්නින් වර්ගයේ පිස්තෝල දෙකක්, වර්ග දෙකකින් යුත් මිලි මීටර් නවයේ ජීව උණ්ඩ 26ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

 

 

අත්අඩංගුවට ගත් පාතාල සාමාජිකයා පාතාලයේ ප්‍රබලයකු වන ඩුබායිහි සැඟව සිටින හෝමාගම හඳයා නැමැත්තාගේ ප්‍රධාන ගෝලයකු බවත් ඔහුට විරුද්ධව පොලිස් ස්ථාන ගණනාවක මුදල් වංචා නඩු 42ක් තිබෙන බවත් පොලිසිය පවසනවා.

 

 

එමෙන්ම මහේස්ත්‍රාත් අධිකරණයෙන් විවෘත වරෙන්තු දෙකක් ද නිකුත් කර ඇති බව සඳහන්.

 

 

පසුගිය මැයි මාසයේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ බන්ධනාගාර නියාමකවරයකුගේ නිවසට පැන ගිනි අවි පෙන්වා දණගස්වා තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරමින් සිටියදී මෙම සැකකරුවන් දෙදෙනා සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වීමෙන් පසුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හකි වූ බවයි පොලිසිය පවසන්නේ.

 

 

අත්අඩංගුවට ගත් යුද හමුදා කපිතාන්වරයා රත්නපුර ප්‍රදේශයේ යුද හමුදා කඳවුරක සේවය කරන්නෙක්.

 

 

අත්අඩංගුවට ගත් ගිනි අවිය හෝමාගම, නියඳගල ප්‍රදේශයේදී පසුගිය 20 වැනිදා පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කිරීම සඳහා යොදා ගත් ටී 56 ගිනි අවිය ද යන්න සම්බන්ධයෙන් හා ඒ සඳහා පැමිණි කණ්ඩායමේ සාමාජිකයකු ලෙස පාතාල සාමාජිකයා සිටින්නේ දැයි සොයා විමර්ශන ආරම්භ කර තිබෙනවා.

 

 

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා පැය 72ක් රඳවා ගැනීමේ නියෝග මත ප්‍රශ්න කිරීමට බලාපොරොත්තු වන බව පොලිසිය පවසනවා.

 

 

තව කියවන්න

https://aayubo.com/si

තව නිවුස් බලන්න ආයුබෝ app එක download කරන්න. 

Android 

https://play.google.com/store/apps/details?id=com.sumic.news_app_new

iOS 

https://apps.apple.com/us/app/aayubo/id6443983455

Follow Us..

FB pages 

https://web.facebook.com/aayubomedia

https://web.facebook.com/aayubonews

YT

https://youtube.com/@AayuboMedia

views

215 Views

Comments

arrow-up