සමාජ මාධ්‍ය කැළඹූ පන්සල් සිද්ධියේ සියලු සැකකරුවන්ට වැඩ වරදී

නවගමුව ඉහළ බෝමිරිය ප්‍රදේශයේ පිහිටි ශ්‍රී සුමනාරාම විහාරස්ථානයේ වැඩ වාසය කරන පල්ලේගම සුමන හිමියන්ට හා කාන්තාවන් දෙදෙනකුට විහාරස්ථානය තුළදී පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු නවගමුව පොලිසිය විසින් අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.
සෙසු සැකකරුවන් ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක කොට ඇත.
මෙම පහර දීමෙන් තුවාල ලැබු හිමියන් සහ කාන්තාවන් දෙදෙනා නවගමුව රෝහල වෙත ඉදිරිපත් කොට ප්‍රතිකාර ලැබීමෙන් පසු රෝහලෙන් පිටත්ව ගිය බවත් අදාළ හිමි නම විහාරස්ථානයේ මේ වන විට වැඩ වසන බවත් පොලිසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද පෙරවරුවේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
1017 Views
Comments