ඉන්දීය සංචාරය නිමා කරමින් ජනපති දිවයිනට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
22

ඉන්දීය සංචාරය නිමා කරමින් ජනපති දිවයිනට

ඉන්දීය සංචාරය නිමා කරමින් ජනපති දිවයිනට

ඉන්දියාවේ දෙදින නිල සංචාරයක නිරත වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ යළි දිවයිනට පැමිණ තිබේ.

 

ජනාධිපතිවරයා ඊයේ රාත්‍රියේ ශ්‍රි ලන්කන් ගුවන් සේවයට අයත් යානයකින් දිවයිනට පැමිණි බව වාර්තා වේ.

 

ජනාධිපතිවරයා සමඟ ඉන්දීය නිල සංචාරයට එක්වූ දූත පිරිසද දිවයිනට පැමිණ ඇත.

 

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආරාධනයකට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම සංචාරයේ නිරත වූ අතර, සංචාරය තුළදී දෙරට අතර පුළුල් ආර්ථික හවුල්කාරීත්ව දැක්මක් ද එළි දැක්විණි.

 

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව සිදු කළ පළමු ඉන්දීය සංචාරය මෙය වෙයි.

views

284 Views

Comments

arrow-up