නුවරඑළියේ කඳු තරණයට තහංචි

ඊයේ (04) සිට නුවරඑළිය දිස්ත්‍රික්කයේ වනජීවී හා වන සංරක්ෂණ රක්ෂිතවලට ඇතුළුවීම හෝ කඳු නැගීම සහ කඳවුරු බැඳීම සපුරා තහනම් කර ඇත. නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා මාධ්‍ය හමුවකදී (04) මේ බව අවධාරණය කළේය.
තලවාකැලේ ග්‍රේට් වෙස්ටර්න් කඳු මුදුනේ අභිරහස් ලෙස මිය ගිය කාන්තාවකගේ නාඳුනන මළ සිරුරක් සොයා ගැනීමෙන් පසු මෙම තීරණය ගෙන තිබේ.
වනජීවී දෙපාර්තමේන්තුවේ, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ පොලිසියේ නිලධාරීන් සමඟ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.
254 Views
Comments