අත් දෙක කඩුවකින් කපන්න තරම් දුරදිග ගිය පරවි ආරවුල

පරෙවියන් සම්බන්දයෙන් ඇතිවූ ආරවුලක් හේතුවෙන් කඩුවකින් පහරදී පුද්ගලයකුගේ අත්දෙකටම බරපතළ තුවාල සිදුකර පලාගොස් සිටීන පිය පුතු දෙදෙනෙක් ඇතුළු තිදෙනෙකු සොයා පරීක්ෂණ සිදුකරන බව පානදුර දකුණ පොලිසිය පවසයි.
පහරකෑමට ලක්ව ඇත්තේ පානදුර,වෑකඩ,ගනේවත්ත ප්‍රදේශයේ පදිංචි 53 හැදි පුද්ගලයකු බවද පොලිසිය පැවසීය.
සිය පියා පෙරේදා (27) යතුරුපැදියකින් පානදුර පහන්ගම ප්‍රදේශයේ ගමන් කරමින් සිටියදී තිදෙනෙකු විසින් කඩුවකින් පහර දී පළාගොස් ඇති බවට පහරකෑමට ලක්වූ පුද්ගලයාගේ පුත්‍රයා විසින් ප්‍රකාශයක් ලබාදී ඇති බව පොලිසිය පැවසීය.
පහර කෑ පුද්ගලයා පානදුර මූලික රෝහලට ඇතුලත් කර ඇති බවත් ඔහුගේ තත්ත්වය බරපතළ බැවින් කොළඹ ජාතික රෝහලට මාරුකර යැවූ බවත් රෝහල් ආරංචිමාර්ග පැවසීය.
පහරදීමට පිය පුතු යුවළක් ඇතුළු තිදෙනෙකු පැමිණ ඇති බවට හදුනාගෙන ඇති බවත් ප්‍රදේශයෙන් පලාගොස් සිටින සැකකරුවන් සොයා පරීක්ෂණ සිදුකරන බවත් උසස් පොලිස් නිළධාරියෙක් පැවසීය.
353 Views
Comments