තවත් මවක් සහ දැරියක් අතුරුදන්

තවත් මවක් සහ කුඩා දැරියක් අතුරුදන් වී ඇති බව හඟුරන්කෙත පොලීසිය පවසයි.
එලෙස අතුරුදන් වී ඇත්තේ හඟුරන්කෙත හෝප් වතුයායේ පදිංචි 20 හැවිරිදි මවක් සහ අවුරුද්දයි මාස 08ක් වයසැති කුඩා දැරියකි.
ඔවුන් පෙරේදා (20) අතුරුදන්වී ඇති බවට අදාළ කාන්තාවගේ මව විසින් හඟුරන්කෙත පොලීසියට පැමිණිල්ලක් සිදුකර ඇත.
එම කාත්තාව සහ ඇගේ කුඩා දියණිය අතුරුදන්වූ දිනයේ ලංගම බස් රථයකින් හඟුරන්කෙත, රිකිල්ලගස්කඩ නගරයට පැමිණ ඇති අතර හඟුරන්කෙත පොලීසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් අදාළ බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයාගෙන් ප්‍රශ්න කර ඇත.
එහිදී ඔවුන් පවසා ඇත්තේ එම කාන්තාව සහ දියණිය බස් රථයේ පැමිණි බවය.
සිද්ධිය සම්බන්ධයෙන් හඟුරන්කෙත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
299 Views
Comments