පදවිප්‍රාප්තිය වෙනුවෙන් කිසිදු උත්සවයක් අවශ්‍ය නැහැ
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
15

පදවිප්‍රාප්තිය වෙනුවෙන් කිසිදු උත්සවයක් අවශ්‍ය නැහැ

පදවිප්‍රාප්තිය වෙනුවෙන් කිසිදු උත්සවයක් අවශ්‍ය නැහැ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිලධාරින්ට උපදෙස් ලබාදී තිබෙන්නේ තම පදවිප්‍රාප්තිය වෙනුවෙන් කිසිදු උත්සවයක් සංවිධානය නොකරන ලෙසයි.

 

ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇත්තේ ජනාධිපති පදවිප්‍රාප්තිය වෙනුවෙන් උත්සව සංවිධානය කිරීම සම්බන්ධයෙන් පාර්ශව කිහිපයක් සිදුකළ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් බව වාර්තා වෙයි.

 

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත් වී එළැඹෙන 21 වන දිනට වසරක් සම්පුර්ණ වීමට නියමිතය.

 

රනිල් වික්‍රමසිංහ පසුගිය වසරේ ජුලි මස 20 වන දින පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමකදී ජන්ද 134ක් ලබා ගනිමින් අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස පත්වූ අතර, මෙරට අට වන ජනාධිපති ලෙස ජුලි මස 21 වනදා දිවුරුම් දෙනු ලැබීය.

 

පත්ව තිබූ අරාජිකත්වයෙන් රට සාමාන්‍යකරණයකට පත් කර ඇති හෙයින් පදවිප්‍රාප්ති උත්සවයක් සංවිධානය කළ යුතු බව රජයට සහ ජනාධිපතිවරයාට හිතවත් පාර්ශව පෙන්වා දී ඇත.

 

ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ කිසිදු මහජන මුදලක් හෝ පෞද්ගලික මුදලක් වැය කොට පදවිප්‍රාප්ති උත්සවයක් සංවිධානය කිරීම අවශ්‍ය නොවන බවයි.

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ තම පදවිප්‍රාප්ත දිනය යෙදී ඇති ලබන 21 වනදා නිල සංචාරයක් සඳහා ඉන්දියාවට යාමට නියමිතය.

 

 

views

242 Views

Comments

arrow-up