අධික වේගයෙන් යතුරුපැදියක් පැදවූ පාසල් සිසුන් දෙදෙනා ලයිට් කණුවක වැදී අවසන් ගමන් යයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
29

අධික වේගයෙන් යතුරුපැදියක් පැදවූ පාසල් සිසුන් දෙදෙනා ලයිට් කණුවක වැදී අවසන් ගමන් යයි

අධික වේගයෙන් යතුරුපැදියක් පැදවූ පාසල් සිසුන් දෙදෙනා ලයිට් කණුවක වැදී අවසන් ගමන් යයි

මාදම්පේ පොලිස් වසමට අයත් මැදගම කාක්කපල්ලිය ප්‍රධාන මාර්ගයේ තඹගල්ල ප්‍රදේශයේදී යතුරු පැදියක් මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටීමෙන් සිදු වූ අනතුරකින් පෙරේදා (27) පාසල් සිසුන් දෙදෙනකු මියගොස් ඇත.

 

 

සිසුන් දෙදෙනා අධික වේගයෙන් ගමන් කර ඇති බව දැනට සිදු කර ඇති මූලික පරීක්ෂණ වලින් අනාවරණය වූ බව මාදම්පේ පොලිසිය පැවසීය. 

 

 

සිසුන් දෙදෙනා හලාවත මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ. නුවර ප්‍රදේශයෙන් පැමිණි සිසුවෙක් සිය මස්සිනාගේ යතුරුපැදිය රැගෙනවිත් ඇත්තේ ද ඔහුගේ අවසරයකින් තොරව බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

 

 

මෙලෙස මියගොස් ඇත්තේ හලාවත, මැදගම අභය විදුහලේ 11වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන තරුෂ සන්දීප් හා මහනුවර කිංස්වුඩ් විදුහලේ 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සත්මික ෂෙහාන් නමැති සිසුන් දෙදෙනෙකි.

views

432 Views

Comments

arrow-up